ඉරානයට එරෙහිව දසවන දිනටත් පිට පිට ප්‍රහාර

අමෙරිකානු හමුදාවන් විසින් ඉරානයට එරෙහිව පිට පිට දසවන දිනටත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් දැඩි වී ඇති බව වාර්තා වෙනවා.

ඉරාන හමුදාවන් ද ඊට ප්‍රතිචාර දක්වමින් කුවේට් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර සිටිනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි වොෂින්ටනය පවසන්නේ.

ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි මිසයිල සහ ඩ්‍රෝන මධ්‍යස්ථාන රැසකට මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව සඳහන් වෙනවා.

මේ අතර ඉරාන හමුදාව ප්‍රකාශ කරන්නේ කුවේට්හි පිහිටි අමෙරිකානු හයිමාර්ස් මිසයිල පද්ධති වෙත තමන් සාර්ථකව මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

ජනාධිපතිවරයා වෙනත් තීරණයක් ගන්නා තෙක් මෙම හමුදා මෙහෙයුම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව ධවල මන්දිරය වැඩිදුරටත් කියා සිටිනවා.