දඹුල්ල, කැන්ඩි සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය අද පැවැත්වෙනවා. ඒ, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ලබන මස 08 වැනිදා තෙක් පැවැත්වෙන තරගාවලියේ සියලු තරග රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.

කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් ඉකුත් 17 වැනිදා තරගාවලිය ආරම්භ වුනා.

එහිදී පැවති තරග 5 අවසානයේ, ප්‍රසාද ලකුණු සටහන අනුව ගෝල් ගැලන්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.

ඒ, ඔවුන් සහභාගී වූ තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින්.

දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතයි.