ඉරානයට එරෙහිව මේ වනවිට තෙවන වටයේ ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ සයිප්‍රස් ධජය සහිත නෞකාවකට ඉරාන බලකායන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගත් බවයි.
අමෙරිකානු ප්‍රතිප්‍රහාර හමුවේ ඉරාන විප්ලවීය බලකාය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට පියවර ගෙන ඇති අතර අමෙරිකානු ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් මීටත් වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවටයි ඉරානය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ.
මෙම ප්‍රහාර මාලාවේදී ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන අඩවි, නාවික බලඇණි හා සන්නිවේදන ජාල ඇතුළු හමුදා ඉලක්ක 140කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ බව අමෙරිකාව සඳහන් කරනවා.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ගතවූ දින කිහිපය තුළ ඉරානයේ ඉලක්ක 300කට අධික සංඛ්‍යාවකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ වාණිජ නෞකාවලට එල්ල වන බාධා වැළැක්වීමේ අරමුණින් බවයි.
ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා තෙල් ප්‍රවාහන වාණිජ නෞකා 800කට වැඩි සංඛ්‍යාවකට ආරක්ෂිතව හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට අමෙරිකානු බලකායන් සහය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
