මාතලේ, කටුදෙණිය ප්‍රදේශයේ ඊයේ (14) දින අළුයම පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මාතලේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 53 ක් වූ කටුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2026.05.13 වන දින රාත්‍රී මරණකරු හා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු කටුදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසක එම නිවස රැකබලාගන්නා මුරකරු හා මත්පැන් පානය කර ඇත.
එහිදී මුරකරු සහ මරණකරු අතර බීමත්කම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මුරකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 77 ක් වන කටුදෙණිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.