කොත්මලේ වාන්දොරටු උදෑසන 8ට විවෘත කෙරේ – මහවැලි ගඟ දෙපස ජනතාවට හදිසි අවවාදයක්

අද (05) උදෑසන 8ට පමණ කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව තත්ත්පරයට ගණ අඩි 130ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බවයි කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම්දී තිබෙන්නේ.

මේ හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම්දී තිබෙනවා.