කොළඹ වරාය නගර සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය (23) වන දින කොළඹ වරාය නගරයේදී චීන ජාතික පිරිසක් විසින් චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින්.

ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (04) දින කොළඹ වරාය නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 54 ක් වන චීන ජාතිකයෙකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.