චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං ඉදිරි දින කිහිපය තුළ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් කලාපීය සහ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රය යළිත් දැඩි අවධානයකට ලක්ව තිබෙන බවයි එම වාර්තා අනාවරණය කරන්නේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ලබන සතියේ හෝ ජුනි මාසය මුලදී මෙම විශේෂ සංචාරය සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

චීන ආරක්ෂක සහ සන්ධාන ප්‍රොටෝකෝල නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් උතුරු කොරියාවේ ප්යොන්යැං අගනුවර වෙත ගොස් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරමින් සිටින බවද වාර්තා වනවා.

මෙම සංචාරය පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ මෑතකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන නායකයින් බීජිං නුවරදී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව මෙය සංවිධානය වීම නිසායි.