ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරෙනවා.
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් පසුගිය (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතා සඳහන් කළා.
ගත වූ කාලවකවානුව තුළ මෙන්ම යුද්ධ සමයේදී මෙරට නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් තම ජීවිත පුද කළ රණවිරුවන් වාර්ෂිකව සිහිපත් කර ජාතියේ ගෞරවය පුද කිරීමට මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
