මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ.
මේ වෙනුවෙන් මාර්ග බාධක යෙදවීම, විශේෂ ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් පොලිසිය විසින් දියත් කර ඇත.
ඒ අනුව පෙරහර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහතින්,
