දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

ලොව පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නවදහසකට අධික සංඛ්‍යාවක් භාවිතා කරන කැන්වස් (Canvas) අධ්‍යාපනික මෘදුකාංග පද්ධතිය ඉලක්ක කරගනිමින් එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම ShinyHunters නම් හැකර් කණ්ඩායම භාරගෙන ඇති අතර, වාර අවසාන විභාග පැවැත්වෙන තීරණාත්මක කාලසීමාවක මෙම බාධාව එල්ල වීම සිසුන් සහ බලධාරීන් දැඩි අපහසුතාවයට පත් කිරීමට හේතු වී තිබෙනවා.