සහස්පුර නව පොලිස් ස්ථානය ජනතා අයිතියට

අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර, සැමට බියකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ, සහස්පුර නව පොලිස් ස්ථානය ඊයේ දින ( 08) විවෘත කර තිබෙනවා .

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි සඳහන් වන්නේ .

ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසීම, නවීන තාක්ෂණය හා ප්‍රජා පොලිස් සංකල්පය ඔස්සේ අපරාධ පාලනය කිරීමට නව පොලිස් ස්ථානය මූලිකත්වය ගනු ලබනවා .

එමෙන්ම ප්‍රදේශවාසීන්ට ඉතා පහසුවෙන් සහ කඩිනමින් පොලිස් සේවාවන් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙනවා .