දිනකට ඩෙංගු රෝගීන් 700 ඉක්මවයි

ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැඩි අවදානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

දිනකට ඩෙංගු රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වන බවයි ඔවුන් පවසන්නේ.

ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් පසු­ගිය සතියේ දින­කට රෝගීන් 1000කට වැඩි සංඛ්‍යා­වක් වාර්තා වූ අව­ස්ථා ද හමුවු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ මාසයේ පළමු දින 20ට වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,196ක්. ඒ අනුව රෝගීන් වැඩි පිරිසක් මේ වසරේ දී වාර්තා වී ඇත්තේ ද ජූනි මාසයේදීයි.

මේ වසර ආර­ම්භයේ සිට මේ දක්වා ආසා­දි­ත­යන් 46,037 ක් සහ මරණ 28ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 6 දෙනෙකුම වයස අවු­රුදු 15ට අඩු දරු­වන්.

ඩෙංගු අධි අව­දා­නම් සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කොට්ඨාස සංඛ්‍යාව 112ක් දක්වා ඉහළ ගොසින්.

ඩෙංගු මර්ද­න සතිය තුළ පිරි­සුදු කිරීම් රට පුරා සිදුකෙරුණා.