නවසීලන්තය පරදා 20-20 ජය ශ්‍රී ලංකාවට

නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමත්වුණා.

අද පැවැති තුන්වැනි තරගය නවසීලන්ත ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 05 කින්.

තරගය පැවැත්වුනේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 78 ක් රැස්කළා.

සත්‍යා සන්දීපනී ලකුණු 16 යි. පන්දු යැවීමේ ජෙස් වොට්කින් කඩුලු 4 ක් බිදහෙලුවා.

පිළිතුරු ලෙස නවසීලන්ත ඒ කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 79 ක් රැස්කරමින්.