දශකයක් පමා වූ ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ අවධානය.
ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) අතර පැවැත්වෙන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Zsomata මහතා අතර පැවැති මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණේ 2014 වසරේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද විවිධ හේතු නිසා එම කටයුතු දශකයකට ආසන්න කාලයක් ප්‍රමාද වූ බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් ගුණාත්මක, නවීන සහ ආරක්ෂිත රූපවාහිනී විකාශන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහි දී අවධාරණය කෙරුණා.