නාඳුනන පිරිමි මෘත ශරීරයක් ගාලු මුවදොර පිටිය වෙරළ තීරයේ

කොළඹ කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති වෙරළ තීරයට මෘත ශරීරයක් ගොඩගසා ඇති බවට කොටුව පොලිස් ස්ථානයට ඊයේ (15) ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මළ සිරුර හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇත. උඩුකයට රෝස පැහැති අත් දිග කමිසයක් හා යටිකයට කොට කලිසමක් හඳින සිට ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.