නිවාස අහිමි වූ වැලිකන්දේ 280කට වන්දි

දිට්වා ආපදාවෙන් නිවාස හානි වූ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 280 දෙනෙකුට පළමු අදියර යටතේ ඊයේ වන්දි ප්‍රදානය කෙරුණා.

ඒ, වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී.

පළමු අදියර යටතේ එක් නිවාස හිමියෙකුට පිරිනැමුණු මුදල රුපියල් ලක්ෂ 3 ක්.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් පී.ටී.එම්.ඉර්ෆාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.