නොමිලේ සංචාරක වීසා ලැබෙන රටවල් මෙන්න

අද( 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි, රටවල් 40 හි පුරවැසියන් සඳහා දින 30 ක කාලසීමාවකට නොමිලේ සංචාරක වීසා ලබා දීමට තීරණය කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ බව චක්‍රලේඛයක් මගින් නිකුත්කර ඇති අතර මෙම චක්‍රලේඛයට අනුව, 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ඔස්ට්‍රියාව, මැලේසියාව, සෞදි අරාබිය, ජර්මනිය, නේපාලය, දකුණු කොරියාව, බහරේන්, ඉන්දියාව, නෙදර්ලන්තය, ස්පාඥ්ඥය, බෙලාරුස්, ඉන්දුනීසියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, කැනඩාව, චීනය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, කසකස්තානය, කුවේට්, නෝර්වේ, ඕමානය, පකිස්තානය, පෝලන්තය, කටාර්, රුසියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපද යන රටවල ජාතිකයින්ට මෙම පහසුකම හිමිවනවා.