පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක, “ගොඩනගමු – අධිෂ්ඨානයේ සංහිඳ” සුවිශේෂ වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (24) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
ස්වභාවික විපත් හේතුවෙන් ජනතාවගේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථාන බඳු වූ ආගමික ස්ථානවලට සිදුව ඇති හානිය කඩිනමින් යථාතත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් මෙම සමස්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන අසූවක (රු. මිලියන 80) මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා.
