සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි මැද

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 – 2026 විභා­ගයේ ප්‍රති­ඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභා­ගයේ පිළි­තුරු පත්‍ර ඇගැ­යීම් කට­යුතු මේ වන විට අව­සන් කර ඇති බවත් ප්‍රති­ඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය වෙනත් කට­යුතු මේ දින­යන්හි සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 – 2026 විභා­ගය රට පුරා මධ්‍ය­ස්ථාන 3545කදී පෙබ­ර­වාරි මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා පාසල් අය­දු­ම්ක­රු­වන් 382,249ක් සහ පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් 69,214ක් ලෙස සමස්ත අය­දු­ම්ක­රු­වන් 451,463ක් ඉදි­රි­පත් වූ බව ද ඒ මහ­ත්මිය ප්‍රකාශ කළා.