පාසල් සහ උපකාරක පන්ති යන බාලවයස්කාර සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිලිනොච්චිය පොලීසිය කටයුතු කර තිබේ.
කිලිනොච්චිය පොලිස් වසමේ, නගර සීමාව තුළ පිහිටි වෙළෙඳසැල් මඟින් මෙලෙස බාලවයස්කාර දරුවන්ට දුම්වැටි අලෙවි කරන බවට කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් පසුගිය 28 වෙනිදා සිදුකළ විශේෂ සෝදිසි කිරීම් හා විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත.
ලබාගත් තොරතුරු මත අදාළ වෙළෙඳසැල් හිමියන් 13 දෙනාට එරෙහිව 2026.07.01 දින කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසිය පියවර ගත්තේය.
අධිකරණය හමුවේ වරද පිළිගත් වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
