බිරිඳගේ ජීවිතය බිලිගත් පවුල් ආරවුල

තලෛයිමන්නාම පොලිස් වසමේ දුම්රිය පෙදෙසේදී ඊයේ (26) දින උදෑසන තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

තලෛයිමන්නාරම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 27 ක් වූ තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 32ක් වන සැකකාර පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර තලෛයිමන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.