කෝපායි පොලිස් වසමේ පේදුරුතුඩුව යාපනය මාර්ගයේ නාවට්කට්ටු ප්රදේශයේදී අද (05) දින අළුයම සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ පේදුරුතුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර මෙම සිදුව ඇත.
අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 22 හා 24 වයස්වල පසුවන නෙල්ලිඅඩි ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
