බීමත්කම නිවසට ගෙනා අභිරහස් මරණය

අඹන්පොල, කළුවිලපොතාන ප්‍රදේශයේ ඊයේ (04) දින උදෑසන පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අඹන්පොල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කරන ලදී.

මරණකරු වයස අවුරුදු 27ක් වූ අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සිද්ධිය වූ දින අළුයම බීමතින් නිවසට පැමිණ සිය මව සහ සහෝදරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, පසුව උදෑසන නිවැසියන් විසින් පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිට ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තැන්පත් කර ඇති අතර අඹන්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.