අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතිබ බව කාලගුණ ළුිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ හේතුවෙන් මැයි මස 06 වන දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.
අද (05) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ල සිටිනවා.
