මසුන් අල්ලන්න ගිය 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

තංගල්ල පොලිස් වසමේ මාවැල්ල, ගල්බොක්ක මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ඊයේ (09) දින දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

තංගල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන්වූ පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුකරන ලද විමර්ශනයේදී මෙම පුද්ගලයා මසුන් ඇල්ලී සඳහා මිතුරන් පිරිසක් සමඟ ගොස් සිටි අවස්ථාවේ මෙලෙස දියේ ගිලී අතුරුදන්වී ඇති බවට අනාවරණය වී ඇත.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයතු වල නිරතව සිටී.

තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.