යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක්

රුසියානු-යුක්රේන යුද්ධය සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර වසර හතරකට වැඩි කාලයක් පුරා ඇදී යන මෙම දරුණු ගැටුම් නතර කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දෙරටේම එකඟතාවය මත ක්‍රියාත්මක වන මෙම සටන් විරාමය මැයි 09 වනදා සිට 11 වනදා දක්වා බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් (Truth Social) ගිණුම හරහා තහවුරු කර සිටිනවා.