යුක්රේනයේ ක්‍රිවි රිහ් නගරයේ ප්‍රධාන වෙළඳ සංකීර්ණයකට රුසියාව එල්ල කළ ද්විත්ව ඩ්‍රෝන ප්‍රහාරයකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් පවසන්නේ මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර තිබෙනවා.ළමයින් දෙදෙනෙකු ඇතුළුනවදෙනෙකු අතුරුදන් බව සඳහන්. ප්‍රථම ප්‍රහාරයෙන් අනතුරුව සහන සේවකයින් ඉලක්ක කරදෙවන ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මනෝවිද්‍යාඥයින් කණ්ඩායම් ද යොදවනු ලැබ සිටිනවා. මේ අතර යුක්රේනයේ මයිකොලයිව් සහ කාර්කිව් යන ප්‍රදේශවලට එල්ල වූ තවත් ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.