විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.

විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමඟ කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් තව දුරටත් කියා සිටියේ.