ලෝක තේ දිනය නිමිත්තෙන් හන්තාන ඩිජිටල් තේ මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරුණා.
ඒ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත වැඩබලන තානාපති ඉවෝන් රට්ජන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන්.
හන්තානේ පිහිටි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට අයත් රත්නසිරි වික්‍රමනායක අන්තර්ජාතික පුහුණු ආයතනයේ ඩිජිටල් තේ මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සොලිඩැරිඩැඩ් ආසියා සංවිධානය, රීජෙන්ඇග්‍රි සහ නියුක්ලස් පදනම යන ආයතන්හි දායකත්වය මීට හිමිව තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ තේ කර්මාන්තයේ ගැටලු හඳුනාගැනීම, විද්‍යාත්මක දැනුම හුවමාරු කරගැනීම ඇතුළු සේවා රැසක් මෙම මධ්‍යස්ථානයෙන් ලබාගත හැකියි.
ඩිජිටල් තේ මධ්‍යස්ථානය මගින් සාමාජික රටවල් සමග තාක්ෂණික හුවමාරු වැඩසටහන් සිදුකළ හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සහ ආසියානු තේ සංවිධානයේ සභාපති නිමල් උඩුගම්පොළ මහතා ප්‍රකාශ කළා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරතුංග ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
