ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදපෙරදිග සීමිත ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. මැදපෙරදිග මෙහෙයුම් මැනවින් සලකා බලා සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් යළි ආරම්භ කළ බවයි,
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භවීමෙන් පසු එම කලාපයට ගුවන් ගමන් පසුගියදා නතර කෙරුණා. ‍රන් කිහිපයක් යළි ආරම්භ කළ බවයටසීමිත කාලසීමාවකට මැදපෙරදිග ගුවන් කලාප විවෘත වීමත් සමග යූ එල් 231 කොළඹ සිට ඩුබායි දක්වා සහ යූ එල් 232 ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් අද දින ක්‍රියාත්මක ‍කෙරුණා. ‍මේ අතර, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත්, එක් යානයක් ඩුබායි සිට මගීන් 133 දෙනෙකු රැගෙන මෙරටට අද අලුයම පැමිණියා. ස්මාර්ට් විංග් ගුවන් සේවයට අයත් තවත් යානයක් ද අද අලුයම පැමිණ ඇත්තේ, ඕමානයේ මස්කට් නුවර සිටයි.

මේ අතර, කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ, ෆිට්ස් එයාර් සහ එයාර් අරාබියා ගුවන් සේවාවලට අයත් යානාවක් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි සහ සාජා බලා පිටත්ව ගිය බවයි.