මෙවර වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරම විහාරස්ථානය මගින් පැවැත්වීමට නියමිත පෙරහර වෙනුවෙන් මිරිහාන පොලිස් වසම තුල ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දින (31) පෙරහර නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවන් හන්දියෙන් ආරම්භවී හයිලෙවල් මාර්ගය ඔස්සේ ගම්සභා හන්දියට පැමිණ ගම්සභා හන්දියෙන් කට්ටිය හන්දියට ගමන් කර පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරයට ගමන් කිරීමෙන් පසු නැවත ස්ටැන්ලි තිලකරත්න මාවත හරහා හයිලෙවල් හන්දියට ගමන් කිරීමට නියමිතව ඇත.
පෙරහර ගමන් කාලසීමාවන් තුළ අදාල මාර්ගයන් තුල රථ වාහන ගමනා ගමනය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය මෙතැනින්

