අඟුරුවාතොට බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ අද (03) සවස හදිසියේ ඇතිවූ ගින්නකින් තිදෙනෙක් අතුරුදහන් වී තවත් පිරිසක් රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා.
ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ පනහකට ආසන්න පිරිසක් ගල්පාත ප්‍රාදේශීය රෝහලට සහ හොරණ මූලික රෝහල් වෙත ඇතුලත් කර ඇත.
ගින්න නිවීම සඳහා හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කරන බව පොලිසිය සඳහන් කරනවා.
ගින්න ඇතිවීමට හේතු සොයා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
