සිංහ – කොදෙව් පළමු එක්දින ගැටුම අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය

අද කොදෙව්හි කිංග්ස්ටන්හි දී පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිදු හසරංග, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුයි.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 67 ක්. ඉන් තරග 32 බැගින් දෙපිළම ජය ගෙන තිබෙනවා.

තරග 3 ක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.