රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ 2කට මාංචු

මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (04) දින මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 42 හා 44 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකටද මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇත.

මොවුන් විසින් සොරකම් කරන ලද රන් මුදු 12 ක් පොලිසිය විසින් සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම අපරාධයට අදාල සොරකම් කරන ලද රන් භාණ්ඩ සොයාගැනීමට මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.