සැකකරුගෙන් ලද තොරතුරෙන් පිස්තෝලයක් සොයාගනී

රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත පිස්තෝල අවියක් හා ජීව පතොරොම් තොගයක් සොයා ගෙන තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පසුගිය (19) වන දින අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වා තිබුණා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, අනාවරණය වු තොරතුරු මත ඊයේ (22) දින දහවල් මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05 ක් සොයා ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.