පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මෙම මස 29වන දිනට යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව, හෙට (27) සිට 30 වෙනිදා දක්වා මෙම දුම්රිය ධාවනය සැලසුම් කර තිබෙනවා
