රු.මිලියන 100ක වියදමින් ‍හොරොව්පතාන වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හොරොව්පතාන වැවේ සොරොව්ව සහ වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100 ක්.

ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණේ අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ “වාරි මහිම-අපේ උරුමය” වාරිමාර්ග සංවර්ධන වැඩසටහන යටතේයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් වැව් බැම්මට සහ සො‍රොව්වට දැඩි හානි සිදුවුනා.

මේ හේතුවෙන් හොරොව්පතාන නගරය දින කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණා.

ඊට විසදුමක් ලෙසයි වැව්බැම්ම සහ සොරොව්ව ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.