කතරගම පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට”කුමන” ප්‍රධාන පිවිසුම අද විවෘත කෙරේ

ඵෙතිහාසික රුහුණු කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගීවීමට පාද යා‍ත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කුමන ජාතික උද්‍යාන පිවිසුම අද විවෘත කෙරුණා.

මෙවර පාද යාත්‍රාවෙන් 35,000කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් අද උදෑසන ඔකද දේවාල භූමියේදී ආගමික වතාවත්වල නිරත වුනා.