ටිපර් රථයකට යටවී යතුරුපැදිකරුවෙකු අවාසනාවන්ත ලෙස මියයයි

කන්තලේ, සේරුවිල පාරේ පෝටන්කාටුව හංදිය අසලදී යතුරුපැදිකරුවෙකු පස් ප්‍රවාහනය කළ ටිපර් රථයකට යටවී කන්තලේ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

ඊයේ (10) දින සවස 5.00ට පමණ මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ රථවාහන පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කරනවා.