නිවාස ආධාර මත වව්නියාවේ ඉදිකෙරුණු නව නිවාස 04ක් විවෘත කිරීම සහ නව නිවාස 02ක් සඳහා මුල්ගල් තැබීම පසුගියදා (17) නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
2026 වසරේ නිවාස අමාත්‍යාංශයෙන් පමණක් වව්නියාව දිස්ත්‍රික්කයේ නව නිවාස 410ක් ඉදිකිරීමට නියමිත වන අතර මේ වනවිටත් ඉන් විශාල ප්‍රමාණයක වැඩ ආරම්භ කර ඇත.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා අඩු ආදායම්ලාභී පවුල් 160කට රුපියල් ලක්ෂ 10 බැගින්ද,
යුද්ධය නිසා නිවාස අහිමි වූ පවුල් 250කට නැවත පදිංචිකිරීමේ අංශය හරහා රුපියල් ලක්ෂ 20 බැගින් ද නව නිවාස ඉදිකර ගැනීමට නිවාස ආධාර ලබාදීම සිදු කෙරේ.
මෙම මුදල් නැවත අය නොකරගන්නා රජයේ සෘජු ආධාර වන අතර මෙම වසරේ දෙසැම්බර් 31 දිනට පෙර මෙම නව නිවාස 410ම වැඩ නිමකිරීමට අපේක්ෂිතය.


