බටහිර කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 87 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් කොලොම්බියානු රජය විසින් රට තුළ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වෙනවා.
ව්‍යසනයෙන් පසු ජාතිය අමතමින් කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ මෙම අභියෝගාත්මක අවස්ථාවේදී සියලු දෙනාගේ නොසැලෙන එක්සත්කම අවශ්‍ය වන බවයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ කොලොම්බියාවේ චොකෝ කලාපයේ සැන් හොසේ ඩෙල් පල්මාර් ප්‍රදේශයේ පොළොව මතුපිට සිට කිලෝමීටර 100කට වඩා වැඩි ගැඹුරකින් සටහන් වෙනවා.
කොලොම්බියාව පුරා මෙන්ම වෙනෙසුවේලාව, ඉක්වදෝරය සහ පැනමාව යන අසල්වැසි රටවලටද තදින්ම දැනුණු මෙම භූ චලනයත් සමඟ බහුල ලෙස ගොඩනැගිලි කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.
කිලෝමීටර 200 ක් පමණ දුරින් පිහිටි කාලි නගරයේ පමණක් ගොඩනැගිලි 32 ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, එහි සුන්බුන් අතරින් පුද්ගලයින් 38 දෙනෙකු නිර්පද්‍රිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව සිටිනවා.
විදුලිය සහ දුරකථන සංඥා බිඳවැටීම හේතුවෙන් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මෙම ව්ය්සනය හමුවේ කොලොම්බියාවට අවශ්ය් සියලුම මානුෂීය සහාය ලබාදීමට ප්රංසශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ යුක්රේනය ඇතුළු යුරෝපීය රටවල් ඉදිරිපත් වී සිටිනවා.
