වලානට කොටුවූ “කසිප්පු”

බණ්ඩාරගම පොලිස් වසමේ කැස්බෑව පාර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 562 (බෝතල් 750) ක්, ගෝඩා ලීටර් 4094 (බෑරල් 26) ක් හා මත්පැන් පෙරීමට ගන්නා තඹ දඟර 04ක්, වතුර මෝටර් 02ක්, ගෑස් සිලින්ඩර් 07ක් ඇතුළු උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු අවුරුදු 40 ක් වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.