කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජල සැපයුම නැවත ඛෙදාහැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුතර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව, ජල සැපයුම නැවත බෙදාහැරීම සඳහා කටයුතු සිදුකර ඇති බවද එම මණ්ඩලය අද (25) උදෑසන 6ට නිකුත් කළ දැනුම්දීමේ සඳහන්.
කෙසේ වෙතත්, ජල පවිත්රාගාර ආශ්රිත ප්‍රදේශ වෙත ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට
පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බවද එම මණ්ඩලය දැනුම් දෙනවා.
