ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඒකාබද්ධ සත්වන සමාලෝචනය සහ 2026 වසර සඳහා වන සාකච්ඡා පැවැත්වීම සඳහායි.
මෙම නිල සංචාරය පිළිබඳව තහවුරු කරමින් අදාළ තොරතුරු අනාවරණය කරන්නේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඉවාන් පපාජෝර්ජියෝ මහතා විසිනුයි.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳව දීර්ඝ ලෙස ඇගයීමට ලක්කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
