මුහුදු යාමෙන් වළකින්න – කාලගුණය දැනුම්දෙයි

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. එය ඉදිරි පැය 24 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩිවේ.

උතුරු අක්ෂාංශ 5 ත් 22ත් සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

මේ වනවිට එම ප්‍රදේශයේ ධිවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.