2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය ඊයේ (21) දිනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.
ඒ අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූඅට දහසක් වශයෙන් ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන මස 7 වැනිදා සිදුකිරීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා සිදුකිරීමට නියමිතයි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
