ඇමැති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩ­ලය අද අමතයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය මෙන්ම ඉදිරි සැල­සුම් ආදිය සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩ­ලය අද (28) ඇම­තී­මට නිය­මි­තව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ 81 වැනි සැසි­වා­රය අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නිව්යෝර්ක් නුව­රදී ඊයේ (27) ආරම්භ කෙරුණු අතර විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා එහිදී ශ්‍රී ලංකා දූත පිරි­සට නාය­ක­ත්වය දෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරනවා.

මේ සැසි වාරයේ ඉහළ පෙළේ විවා­දය අද පැවැ­ත්වෙන අතර එහිදී ඇමැති විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකා­ශය ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි.

“විශ්වා­සය යළි ගොඩ­නැ­ඟීම, පරි­ව­ර්ත­නය කළ­ම­නා­ක­ර­ණය කිරීම, සැමට ප්‍රති­ඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යක්” යන තේමාව මෙවර මහා මණ්ඩල සැසියේ තේමාව වී තිබෙනවා.

මහා මණ්ඩල සැසි­වා­ර­යට සම­ගා­මීව, විදේශ ඇමැ­ති­ව­රයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝ­නියෝ ගුට­රෙස්, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ රට­වල් කිහි­ප­යක විදේශ අමා­ත්‍ය­ව­රුන් සමඟ සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බවද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පවසනවා.

පසු­ගිය 08දා ආරම්භ වූ මහා මණ්ඩල සැසි­වා­රයේ රාජ්‍ය නාය­ක­යන්ගේ සහ අමා­ත්‍ය­ව­රුන්ගේ මහා විවා­දය මේ මස 22දා සිට අද (28) දක්වා පැවැත්වෙනවා.

පව­තින සන්නද්ධ ගැටුම්, මානු­ෂීය අර්බුද, දේශ­ගු­ණික විප­ර්යාස, පුළුල් වන සමාජ-ආර්ථික අස­මා­න­තා­වන් සහ බහු­පා­ර්ශ්වික පද්ධ­තියේ සඵ­ල­තාව පිළි­බඳ මතුව ඇති ගැටලු හමුවේ මෙවර විවා­දය සංවි­ධාන කර තිබෙන අතර ඊට අම­ත­රව තිර­සර සංව­ර්ධ­නය, මුහුදු මට්ටම ඉහ­ළ­යෑම, වසං­ගත පූර්ව සූදා­නම, න්‍යෂ්ටික විරෝ­ධී­ක­ර­ණය, මානව හිමි­කම් සහ කෘතිම බුද්ධිය ඇතුළු නැගී එන තාක්ෂ­ණය පාල­නය කිරීම කෙරෙහි ද විශේෂ අව­ධා­න­යක් යොමු කෙරේ.