යුක්රේනය සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට රුසියාවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අමෙරිකානු නියෝජිතයින් පිරිසක් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
සාකච්ඡාව රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හිදි පැවැත්වුණා.
රුසියාව භාරයේ සිටි අමෙරිකානු ගුරුවරයෙකු නිදහස් කිරීමට රුසියාව තීරණය කිරීමත් සමග මෙම සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ට්රම්ප්ගේ උපදෙස් ලබාගැනීමෙන් පසු රුසියා යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සැලසුම් ක්රියාත්මක කෙරෙනු ඇති.
ඒ පිළිබඳ ඉදිරි සාකච්ඡා අබුඩාබි හිදි පැවැත්වීමට රුසියානු නිලධාරින් එකඟතාව පළකර තිබෙනවා.
