වැල්ලවාය, වේවැල්කදුර මාර්ගය ජලයෙන් යටවෙයි

වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ වැල්ලවාය, වේවැල්කදුර මාර්ගය ජලයෙන් යටවී මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.

මේ වනවිටත් මාර්ගය යට කරමින් විශාල ජල පහරක් ගලා බසිමින් ඇති අතර අද දිනයේත් වර්ෂාපතනය ලැබුණ හොත් මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි අප වාර්තාකරු පැවසුවේ.