ජාඇල, ඇවරියවත්ත පාර ප්‍රදේශයේදී ඊයේ (20) දින රාත්‍රී හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින්.
එහිදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 500 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 36 ක් වන වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
